සි/ස නාවල කොස්වත්ත සණස සමිතිය සහ බැංකුව

SANASA – Nawala Koswatta Thrift & Credit Co-operative Society Limited, SANASA Bank.

About Us | අප ගැන...

සි/ ස නාවල කොස්වත්ත සණස සමිතිය සහ බැංකුව : ආරම්භය – 1969

සණස අරුත් දක්වන්නේ සකසුරුවම් හා නය ගනුදෙනු සමුපකාර යනුවෙනි.ග්‍රාමීය ආර්ථිකයට ශක්තිමත් මුහුනුවරක් දෙමින් ග්‍රාමීය දරිද්‍රතාවය අවම කරමින් සමාජ හා සංස්කෘතික පදනම වඩ වඩාත් ශක්තිමත් කිරීමට ගමතුල පිහිටුවා ගත් ස්වේච්චා සංවිධානයකී. ජනතාව අතර බිම් මට්ටමේ ඉතුරුම් වැඩි දියුනු කිරීමටත් ග්‍රාමීය මට්ටමේ ව‍යවසාය වඩ වඩාත් ශක්තිමත් කිරීමටත් මෙම සංවිධාන තුලින් ප්‍රබල දායකත්වයක් සපයනු ඇත.

දැක්ම…

ගමේ සම්පත් ගමට සණස ව්‍යාපාරයේ තේමාව මුල් කරගෙන බල ප්‍රදේශය තුල සාමජිකත්වය පුළුල් කිරීම තුලින් ඔවුන්ගේ ආර්ථික සමාජයීය සංස්කෘතික සංවර්දනයක් ඇති කිරීම.

මෙහෙවර…

යහපත් ගුණ ධර්මවලින් පෝෂණය වූ ශික්ෂණ සමාජයකට පුරෝගාමිත්වය දෙමින් ආර්ථික අවශ්‍යතා සපුරාලීමට කටයුතු කිරීම හා සමගිය සාමුහිකත්වය පෙරදැරි කරගෙන ගොඩ නගාගත් අනොන්‍ය මිත්ත්‍රත්වය තුලින් දයිනික කටයුතු ඉටුකර ගැනීමට අත්වැලක් වීම.

සාමාජික අයදූම් පත

shadow

2011
වෙස්ටන් යුනියන් විදෙස් මුදල් හුවමාරු සේවාව ආරම්භ කිරීම
2013
මෙරට ප්‍රධාන පෙලේ රක්ෂණ සමාගම් වල මෝටර් රථ රක්ෂණ කටයුතු සිදුකල හැකි වන පරිදි ‘ට්‍රස්ට්’ සමාගම හා එක්වීම
2014
ගෘහස්ත බිල්පත් ගෙවීම පහසු කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් mCash සේවාව හා එක්වීම

2000
නව සණස මන්දිරයට පිවිසීම
2001
ISO 9001 – 2000 තත්ව සහතික ලබා ගැනීම
2004
“සෙනෝවා” පරිගණක මෘදුකාංගය නිර්මාණය කර බැංකු ගනුදෙනු පරිගණකගත කිරීම
2005
සණස රක්ෂණ සමාගම හා එක්ව ජීවිත, සෞඛ්‍ය ආදී විවිධ රක්ෂණ සේවාවන් ආරම්භ කිරීම.

1990
සමිතිය සතු ඉඩමට අයත් ගොඩනැගිල්ලේ බැංකු කාර්යාලය පිහිටුවීම
1994
සමිති ශ්‍රවණාගාරයේදී 25 වන සංවත්සරය පැවැත්වීම
1997
තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබිම.

1981
නව අතුරු ව්‍යවස්ථාවක් හා කාරක නියෝග සම්මත කර ගැනිම
1982
සණස බැංකු කාර්යාලය ‌‍විවුර්ත කිරීම
1988
ඉඩම මිලදී ගැනිම
1989
බස්නාහිර පළාත් හොදම සණස සමිතියට හිමි තිළිණය දිනා ගැනීම

1972-10-20
ලියාපදිංචි කිරීම

1969-02-16
ආරම්භය