SANASA – Nawala Koswatta Thrift & Credit Co-operative Society Limited, SANASA Bank.
සි/ ස නාවල කොස්වත්ත සණස සමිතිය සහ බැංකුව : ආරම්භය – 1969 සණස අරුත් දක්වන්නේ සකසුරුවම් හා නය ගනුදෙනු සමුපකාර යනුවෙනි.ග්‍රාමීය ආර්ථිකයට ශක්තිමත් මුහුනුවරක් දෙමින් ග්‍රාමීය දරිද්‍රතාවය අවම කරමින් සමාජ හා සංස්කෘතික පදනම වඩ වඩාත් ශක්තිමත් කිරීමට ගමතුල පිහිටුවා ගත් ස්වේච්චා සංවිධානයකී. ජනතාව අතර බිම් මට්ටමේ ඉතුරුම් වැඩි දියුනු කිරීමටත් ග්‍රාමීය මට්ටමේ වයවසාය වඩ වඩාත් ශක්තිමත් කිරීමටත් මෙම සංවිධාන තුලින් ප්‍රබල දායකත්වයක් සපයනු ඇත.
දැක්ම…
ගමේ සම්පත් ගමට සණස ව්‍යාපාරයේ තේමාව මුල් කරගෙන බල ප්‍රදේශය තුල සාමජිකත්වය පුළුල් කිරීම තුලින් ඔවුන්ගේ ආර්ථික සමාජයීය සංස්කෘතික සංවර්දනයක් ඇති කිරීම.
මෙහෙවර…
යහපත් ගුණ ධර්මවලින් පෝෂණය වූ ශික්ෂණ සමාජයකට පුරෝගාමිත්වය දෙමින් ආර්ථික අවශ්‍යතා සපුරාලීමට කටයුතු කිරීම හා සමගිය සාමුහිකත්වය පෙරදැරි කරගෙන ගොඩ නගාගත් අනොන්‍ය මිත්ත්‍රත්වය තුලින් දයිනික කටයුතු ඉටුකර ගැනීමට අත්වැලක් වීම.
සාමාජික අයදූම් පත
2011 වෙස්ටන් යුනියන් විදෙස් මුදල් හුවමාරු සේවාව ආරම්භ කිරීම 2013 මෙරට ප්‍රධාන පෙලේ රක්ෂණ සමාගම් වල මෝටර් රථ රක්ෂණ කටයුතු සිදුකල හැකි වන පරිදි ‘ට්‍රස්ට්’ සමාගම හා එක්වීම 2014 ගෘහස්ත බිල්පත් ගෙවීම පහසු කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් mCash සේවාව හා එක්වීම
2000 නව සණස මන්දිරයට පිවිසීම 2001 ISO 9001 – 2000 තත්ව සහතික ලබා ගැනීම 2004 “සෙනෝවා” පරිගණක මෘදුකාංගය නිර්මාණය කර බැංකු ගනුදෙනු පරිගණකගත කිරීම 2005 සණස රක්ෂණ සමාගම හා එක්ව ජීවිත, සෞඛ්‍ය ආදී විවිධ රක්ෂණ සේවාවන් ආරම්භ කිරීම.
1990 සමිතිය සතු ඉඩමට අයත් ගොඩනැගිල්ලේ බැංකු කාර්යාලය පිහිටුවීම 1994 සමිති ශ්‍රවණාගාරයේදී 25 වන සංවත්සරය පැවැත්වීම 1997 තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබිම.
1981 නව අතුරු ව්‍යවස්ථාවක් හා කාරක නියෝග සම්මත කර ගැනිම 1982 සණස බැංකු කාර්යාලය විවුර්ත කිරීම 1988 ඉඩම මිලදී ගැනිම 1989 බස්නාහිර පළාත් හොදම සණස සමිතියට හිමි තිළිණය දිනා ගැනීම
1972-10-20 ලියාපදිංචි කිරීම
1969-02-16 ආරම්භය